Menu Close

Public Statement by the Sarvodaya Shramadana Movement on the Current State of Affairs

14 April 2022

A Statement by the Sarvodaya Shramadana Movement on the Current State of Affairs

 

Sarvodaya Shramadana Movement acknowledges the unprecedent challenges faced by our communities at this juncture of our beloved Country’s social and political trajectory. We welcome the genuine sincerity of our people and their motives to demonstrate peacefully and non-violently through all corners of Sri Lanka holding hands together with all ethnic and religious communities. Sarvodaya firmly believes in the universal right to freedom of speech and expression, rights enshrined, protected, and guaranteed by our country’s constitution. 

The many waves of continuing non-violent demonstrations and protests throughout the island urges us to investigate the root causes utilising deeper and holistic means. We surely admire the bravery of individuals and communities especially our Country’s future: our Youth, stepping forward with almost no political influence, spontaneously rising to the occasion demanding justice, transparency, good governance, accountability, a new socio-political culture that values democracy, values we share and firmly believe as a Peoples’ Movement.

We sincerely understand the very frustrations, agitations, and the pressures of our beloved sisters and brothers on many fronts and especially of their economic challenges and hardships. We earnestly hope and wish that our People and Communities utilize this momentum in the same spirit and charisma to re-imagine our social, political, spiritual, moral, cultural, and economic ambitions to bring about sustainable development and much required social change. 

In the past six-decades of Sarvodaya’s interventions we have facilitated diverse programmes in development work and positive social change. In the  past two years, Sarvodaya has been affecting constructive engagements with communities on the National Covid-19 Response coined as Suwodaya-Awakening health and wellbeing. The transition from Covid-19 to its near normalcy laid out a diverse set of fresh challenges especially in the fronts of economic conditions. 

To address these unprecedented challenges, we need to build bridges among our networks particularly work with the communities from all walks of life and social status across the country in a much more decentralized system to realize and affect social change and development. Immediate solutions such as bringing in necessary reforms in consultation with sector experts is vital for economic stabilization. The Interim Governance mechanism must pave way to enhance social protection especially for the most vulnerable populations. While working on Economic reforms we must surely transform the political and electoral systems as well as other policies to improve politics, society, and governance. 

We sincerely request our Youth, Communities, Faith Leaders, Elders, Civil Society Allies and Everyone to join their hands in this occasion to harvest the positive energy generated through these demonstrations to initiate immediate and long-term sustainable policy dialogue and effective social action for our future generations. We request individuals to take care of each other and their families sincerely during these tough times both mentally and physically leaving no one behind. We sincerely request law enforcement agencies to safeguard People’s rights when they demonstrate peacefully and non-violently. 

The Sarvodaya Movement welcomes Sri Lankan Youth, People, Community, and all Sri Lankans abroad to get together to ‘Build a just, sustainable and a compassionate social order that fulfils the basic human needs of communities through individual and collective awakening’ to resolve the unprecedented challenges lying ahead of us and to bring about much required social, political, and economic stability.  

Dr Vinya S Ariyaratne

Hony. President 

Lanka Jathika Sarvodaya Shramadana Sanagamaya (Inc.)

 

රටෙහි වර්තමාන තත්වය පිළිබඳව සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය මඟින් නිකුත් කරනු ලබන නිවේදනය

 

ශ්‍රී ලංකාව තම සාමාජීය සහ දේශපාලනික ගමන් පථය තුළ, මේ මොහොතේ දේශයක් ලෙසට පැමිණ ඇති සංධිස්ථානයේදී අපගේ ආදරණීය ප්‍රජාවන් මුහුණ දෙන පෙර නොවී විරූ අභියෝගයන් සර්වෝදය ව්‍යාපාරය විසින් හඳුනාගෙන තිබේ. රට පුරා වාසය කරන, විවිධ වාර්ගීක සහ ආගමික කණ්ඩායම් මේ මොහොතේ එකට එක්ව අත්වැල් බැඳගනිමින්, සාමකාමීව සහ ප්‍රචණ්ඩත්වයෙන් තොරව ඔවුන්ගේ වේදනාවන් සහ අභිලාෂයන් මෙලෙස අවංකව ඉදිරිපත් කිරීම අපි ගෞරව පෙරදැරිව පිළිගන්නෙමු. රටෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත්, අන්තර්ජාතික සම්මුති තුළිනුත් සහතිකොට, ආරක්ෂාකොට, වගවී තිබෙන භාෂණයේ නිදහස සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ මානව අයිතිවාසිකම් සර්වෝදය ව්‍යාපාරය ඉතා දැඩිව විශ්වාස කරනු ලබයි. 

මේ වන විට රට පුරා පැවැත්වෙන ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතාවයන්ගෙන් පිළිඹිබු වන විරෝධය පෑම්වලට හේතුවන මූල සාධකයන් පිළිබඳ ගැඹුරු මෙන්ම සාර්ව ගුණය සහිත විමර්ශනයක අවශ්‍යතාවය අප වටහා ගත යුතුයි. ජනතා ව්‍යාපාරයක් ලෙසට අපි මෙම ජනතා නැගී සිටීම, විශේෂයෙන්ම අප දේශයේ අනාගතය වන තරුණ ප්‍රජාව කිසිදු දේශපාලන බලපෑමකින් තොරව නැගී සිටීමද, ඔවුන් හා ප්‍රජාවන් විසින් මේ ඓතිහාසික මොහොතේදී ඉල්ලා සිටින යුක්තිය, විනිවිදභාවය, නිවැරදි රාජ්‍ය පාලනය, වගකීම්සහගතභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන නව සමාජ- දේශපාලනික සංස්කෘතිය යනාදී ඉල්ලීම් පිළිබඳවද අපි දැඩි ලෙස විශ්වාස කරන්නෙමු. 

විවිධ සමාජ කණ්ඩායම් සහ සමාජ තල නියෝජනය කරනා අපගේ ආදරණීය සහෝදර සහෝදරියන්ගේ දැඩි කලකිරීම, පීඩනය සහ විරුද්ධත්වයත්, විශේෂාකාරයෙන්ම ඔවුන් විසින් මේ මොහොතේ මුහුණ දෙන ආර්ථික අභියෝග සහ දුෂ්කරතාවයනුත් අපි අවංකවම වටහාගෙන සිටිමු. මේ මොහොත විසින් අපට ලබාදෙන අවස්ථාව උපයෝගී කරගනිමින් අපගේ සාමාජීය, දේශපාලනික, ආධ්‍යාත්මික, සදාචාරාත්මක, සංස්කෘතික, සහ ආර්ථික අරමුණු නැවත-පරිකල්පනය කරමින්, තිරසාර සංවර්ධනයක් කරා අප දේශය රැගෙන යාමට මේ මොහොතේ ජනතාව තුළ ගොඩනැගී තිබෙන උද්යෝගය සහ ශක්තිය උපයෝගී කරගනු ඇතැයි අපි දැල්වුණු උද්යෝගයකින් බලාපොරොත්තු වෙමු. 

පසුගිය දශක හය පුරාවට සංවර්ධනය සහ ධනාත්මක සමාජ වෙනස ඇති කිරීමෙහි ලා විවිධාකාර වැඩසටහන් මඟින් සර්වෝදය තම දායකත්වය මෙරටට ලබා දී ඇත. ඒ අතරින් පසුගිය වසර දෙක තුළ, කෝවිඩ්-19 ප්‍රතිචාර දැක්වීමේ ජාතික වැඩසටහන වන සුවෝදය හරහා විවිධ ප්‍රජාවන්ට යහපත් බලපෑමක් සිදුවන පරිද්දෙන් ක්‍රියාත්මක වී තිබේ. කෝවිඩ්-19 වසංගත තත්වයේ සිට නව සාමාන්‍ය කරා ගමන් කිරීමේදී අපට නව අභියෝග රැසකට මුහුණ දීමට සිදු වී තිබේ. ඒ අතර විශේෂයෙන්ම ආර්ථික අභියෝගයන් මූලික ප්‍රස්තුතයක් බවට පත්ව තිබේ. 

මෙම අනපේක්ෂිත අභියෝගයන්ට ආමන්ත්‍රණය කිරීමට නම්, අපගේ මහජන ජාලයන් අතර සබඳතා ගොඩ නැංවිය යුතු අතර, එහිදී විශේෂයෙන්ම රට පුරා විසීරි සිටින, විවිධ සමාජ කණ්ඩායම් සහ තත්වයන්ට අයිති ප්‍රජාවන් අන්තර්ගතවන ලෙස විමධ්‍යගත පද්ධතියක් තුළින් සමාජ වෙනසක් සහ සංවර්ධනය ඇති කිරීමට බලපෑම් කළ යුතුය. මේ මොහොතේ ඉතා තීරණාත්මක ලෙසින් අපට අවශ්‍යවන ආර්ථික ස්ථාවරත්වය ලබා ගැනීම සඳහා සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සිදු කිරීමට, ඒ ඒ ක්ෂේත්‍රයන් හී විශේෂඥයන්ගේ සේවය ලබා ගැනීමට යොමු වීම අත්‍යාවශ්‍යය ය. අපේක්ෂිත අන්තර්කාලීන පාලන යාන්ත්‍රණයක් තුළින්, දැඩි අවදානමට ලක්ව ඇති ප්‍රජාවන්ගේ සමාජ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට විධි විධාන සැකසීම අනිවාර්ය විය යුතුය. ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුවන අතරතුරදීම මැතිවරණ ක්‍රියාවලිය මෙන්ම අනෙකුත් දේශපාලනික සහ සාමාජිය සහ පාලන ප්‍රතිපත්තීන් වඩා ධනාත්මක ලෙසින් පරිවර්තනය කිරීමට අපගේ අවධානය යොමු විය යුතුය. 

මේ මොහොතේ, මේ පැන නැගී ඇති විරෝධතාවන් හරහා ජනනය වී තිබෙන ධනාත්මක ආවේගය හා ශක්තිය, කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන තිරසාර ප්‍රතිපත්තිමය සාකච්ඡාවන් සහ කාර්යක්ෂම සමාජ ක්‍රියාකාරීත්වයන් ඇති කිරීමට අපි අපගේ තරුණ කණ්ඩායම්වලට, ආගමික නායකයන්ට, වැඩිහිටි ප්‍රජාවට, සිවිල් සමාජ සංවිධානයන්ට මෙන්ම සමස්ත ප්‍රජාවට ආරාධනා කර සිටින්නෙමු. අපගේ එකමුතුකම, අපගේ අනාගත පරපුරට වඩාත් යහපත් රටක් සහ සමාජයක් උරුම කර දෙනු ඇත. ඒ අතරම අප සියල්ලෝ ශාරීරිකව සහ මානසිකව ඉතා අපහසු කාල පරිච්ඡේදයක් පසු කරමින් ඉන්නා බැවින්, සෑම විටම තම පවුල් මෙන්ම අනෙකාවද රැක බලා ගැනීමෙන් මේ දීර්ඝ ගමනේදී අපට කිසිවෙකුව අත් නොහැරෙනු ඇත. ඒ පිළිබඳව අවදියෙන් සහ අවබෝධයෙන් කටයුතු කරන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. ජනතාව සාමකාමීව සහ ප්‍රචණ්ඩත්වයෙන් තොරව තම විරෝධය පෙන්වා සිටිනා අවස්ථාවලදී ඔවුන්ව ආරක්ෂා කරන ලෙස අපි නීතිය බලාත්මක කරනු ලබන ආයතන වලින් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. 

අප හමුවේ පවතින පෙර නොවූ විරූ අභියෝගයන්ට මුහුණ දෙමින්, පරම්පරා ගණනාවක් පුරා අප බලාපොරොත්තු වූ සාමාජීය, දේශපාලනික, සහ ආර්ථික ස්ථාවරත්වය රැගෙන ඒමට පුද්ගල සහ සාමූහික උදාවක් තුළින් ප්‍රජාවේ මූලික අවශ්‍යතා සැපිරෙන,සාධාරණ, තිරසාර සහ දයාන්විත සමාජ ක්‍රමයක් ගොඩනැංවීමට සර්වෝදය විසින් මේ මොහොතේ ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට සහ අනෙක් සියල්ලන්ටමද, විදෙස් ගත එහෙත් මුළු හදවතින් මේ මොහොතේ අප හා එක් වී සිටින සියළු ලාංකීකයන්ටද ආරාධනා කර සිටින්නෙමු.

 

වෛද්‍ය වින්යා එස්. ආරියරත්න

ගරු සභාපති 

 

ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමය

2022 අප්‍රේල් 14

 

தற்போதைய நிலை தொடர்பாக சர்வோதய சிரமதான இயக்கத்தின் கூற்று

நாம் அன்புடன் நேசிக்கின்ற நமது நாட்டில் தற்பொழுது எழுந்துள்ள சமூக மற்றும் அரசியல் நிலையினால் எமது சமூகம் முகம் கொடுத்துள்ள எதிர்பாராத சவால்களை சர்வோதய சிரமதான இயக்கம் ஏற்றுக்கொள்ளுகிறது. இலங்கை முழுவதும் அனைத்து இனங்களையும் மதங்களையும் சேர்ந்த எமது மக்கள் ஒன்றாகக் கைகோர்த்துக் கொண்டு அமைதியாக அஹிம்சை ரீதியாக நடத்துகின்ற பேரணியின் நேர்மையையும் செயல் நோக்கத்தையும் நாம் வரவேற்கிறோம். எமது நாட்டின் அரசியலமைப்பினால் போற்றிப்பேணப்படுகின்ற, பாதுகாக்கப்படுகின்ற மற்றும் உத்தரவாதமளிக்கப்பட்டுள்ள கருத்து தெரிவிக்கும் மற்றும் பேச்சு சுதந்திரம் உலக உரிமை என்பதை சர்வோதயம் திடமாக நம்புகிறது. 

பல அலைகளாக தொடர்கின்ற அஹிம்சை ரீதியான பேரணிகளும் கண்டனப் பேரணிகளும் அவற்றின் ஆழமான மற்றும் முழுமையான காரணிகள் அவற்றை ஆராய்வதற்கு எம்மை வலியுறுத்துகிறது. தனிப்பட்டவர்களின் மற்றும் சமூகத்தின் குறிப்பாக எமது நாட்டின் எதிர்கால இளைஞர் சமுதாயத்தின் தைரியத்தை நிச்சயமாகப் போற்றுகிறோம். எந்த அரசியல் தூண்டலும் இல்லாமல், தொடர்ச்சியாக எழுச்சியடைந்து நீதி, வெளிப்படைத்தன்மை, நல்லாட்சி, வகைப்பொறுப்பு, சனநாயகத்தை மதிக்கின்ற ஒரு புதிய சமூக – அரசியல் கலாசாரம், விழுமியங்கள் என்பவற்றைக் கோருவதை மக்கள் இயக்கம் என்ற வகையில் நாம் திடமாக நம்புகின்றோம்;.

பல வகையிலும் முன்னணி வகிக்கின்ற எமது அன்பான சகோதரர்களின் சகோதரிகளின் விரக்தி, கலக்கம் மற்றும் அழுத்தங்கள் என்பவற்றை குறிப்பாக அவர்களின் பொருளாதார க~;டங்களையும் சவால்களையும் நாம் மனமார புரிந்து கொண்டுள்ளோம். நிலைபேறான அபிவிருத்தியையும் பெரிதும் வேண்டி நிற்கின்ற சமூக மாற்றத்தையும் கொண்டு வருவதற்கும் எமது மக்களும் சமூகங்களும் இந்த சந்தர்ப்பத்தை இதே மன உறுதியுடன் ஆற்றலுடன் முன்னெடுத்து எமது சமூக, அரசியல், ஆன்மீக ரீதியான, நீதியான, கலாசார மற்றும் பொருளாதார இலட்சியங்களை கொண்டுவருவார்கள் என்பதை திடமாக நம்புகிறோம். 

கடந்த ஆறு தசாப்தங்களாக சர்வோதயத்தின் தலையீட்டுடன் நாம் அபிவிருத்தி பணிகளிலும் ஆக்கபுர்வமான சமூக மாற்றங்களிலும் பல்வகை நிகழ்ச்சித்திட்டங்களுக்கு வசதிப்படுத்தியுள்ளோம். கடந்த இரண்டு வருடங்களாக சர்வோதயம் கொவிட் – 19 தொற்றுக்கு தேசியமட்டத்தில் மக்களுடன் இணைந்து சுவோதய – சுகாதார எழுச்சி மற்றும் நல்வாழ்வு நிகழ்ச்சித்திட்டத்தில் ஈடுபட்டிருந்தது. கொவிட் – 19 லிருந்து வழமை நிலைக்கு நிலைமாறும்போது குறிப்பாக பொருளாதார நிலையை முன்னணியாகக் கொண்டு  பல புதிய சவால்கள் தோன்றின. 

இந்த எதிர்பாராத சவால்களை அணுகுவதற்கு எமது வலையமைப்புகளுக்கிடையில் குறிப்பாக அபிவிருத்தியையும் சமூக மாற்றத்தையும் உணர்வதற்கு நாடாளாவிய ரீதியில் அதிகளவில் பன்முகப்படுத்தப்பட்ட வகையில் திரண்ட சமூகங்களுடன் பாலங்களை அமைக்க வேண்டியிருந்தது. துறைசார் நிபுணர்களுடன் கலந்துரையாடி பொருளாதார ஸ்திரத்தன்மைக்கு முக்கியமான மறுசீரமைப்பைக் கொண்டு வருதல் போன்ற உடனடி தீர்வுகள் தேவைப்பட்டன. சமூக பாதுகாப்பை மேம்படுத்துவதற்கு குறிப்பாக மிகவும் வடுபட்டுள்ள நிலையில் உள்ள மக்களைப் பாதுகாப்பதற்காக இடைக்கால அரச பொறிமுறையொன்று வழியமைக்கப்பட வேண்டும். அதே நேரத்தில் பொருளாதார மறுசீரமைப்பின் மீது செயலாற்றி அரசியல், சமுதாயம் மற்றும் ஆட்சி என்பவற்றை மேம்படுத்துவதற்கு ஏனைய கொள்கைகளுடன் சேர்த்து தேர்தல் மற்றும் அரசியல் முறைமைகளையும் நாம் நிச்சயமாக மாற்ற வேண்டும். 

எமது எதிர்கால சந்ததியினருக்காக வினைத்திறன் மிக்க சமூக செயற்பாடுகளையும் நீண்டகாலம் இருக்கக்கூடிய அரசியல் கொள்கை கருத்தாடல்களையும் உடனே முன்னெடுப்பதற்கு ஆக்கபூர்வமாக உற்பத்தி செய்யப்பட்டுள்ள சக்தியை இந்த பேரணிகளின் ஊடாக உருவாக்குவதற்கு எமது இளைஞர்களை, சமூகங்களை, சமய தலைவர்களை, மூத்தோரை, சிவில் சமூகங்களை மற்றும் ஒவ்வொருவரையும் இந்த சந்தர்ப்பத்தில் கைகோர்த்துக்கொள்ள முன்வரும்படி மனமார கேட்டுக்கொள்ளுகிறோம். இந்த க~;டமான நேரத்தில் ஒவ்வொருவரையும் அவர்களின் குடும்பத்தையும் உள ரீதியாகவும் உடல் ரீதியாகவும் தனிமைப்படுத்திவிடாமல்  கவனமாகப் பார்த்துக்கொள்ளும்படி தனிப்பட்டவர்கைளைக் கோட்டுக்கொள்ளுகிறோம். மக்கள் அமைதியாகவும் அஹிம்சை ரீதியாகவும் பேரணிகளில் செல்லும்போது அவர்களின் உரிமைகளைப் பாதுக்காக்கும்படி சட்டத்தை செயற்படுத்தும் முகவர்களிடம் வினயமாகக் கேட்டுக்கொள்ளுகிறோம். 

“சமூக, அரசியல் மற்றும் பொருளாதார ஸ்திரத்தன்மை பெரிதும் தேவைப்படுகின்ற இந்த நேரத்தில் எமக்கு முன்னால் நீண்டு கிடக்கும் எதிர்பாராத சவால்களைத் தீர்ப்பதற்கு தனிப்பட்ட மற்றும் கூட்டு எழுச்சியின்”; ஊடாக சமூகங்களின் அடிப்படை மனித தேவைகளை நிறைவேற்றுகின்ற  நீதியான, நிலைபேறான, கருணைமிக்க சமூக ஒழுங்கை கட்டியெழுப்பவதற்கு வெளிநாட்டில் வாழ்கின்ற இளைஞர்கள், மக்கள், சமூகங்கள் மற்றும் அனைத்து இலங்கையர்களை கைகோர்த்துக்கொள்ளும்படி சர்வோதய இயக்கம் வரவேற்கிறது. 

டாக்டர் வின்யா எஸ் ஆரியரத்ன

கௌரவ தலைவர்

இலங்கை தேசிய சர்வோதய சிரமதான சங்கம் (கூட்டிணைக்கப்பட்டது)

Leave a Reply

Your email address will not be published.

13 + fourteen =

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.